මල්ලාවි ප්‍රදේශයේ වෙඩිතැබීමක්

651

මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් ප්‍රදේශයේ දී නිවසකට ඇතුළු වූ පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් අවුරුදු 23ක් වූ පාලිනගර්, මල්ලාවි ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.

වෙඩිතැබීම සිදුකරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here