2023 -2024 වසරවලදී ජන හා නිවාස සංගණනයක්

172

2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මෙරට 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගත්තේය.

මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදුකර ඇති අතර අවසන් වරට 2012 වසරේදී ජන හා නිවාස සංගණනයක් පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here