ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමය පැවසූ අතර තෝරාගත් රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කරගනිමින් අද දහවල් විරෝධතා ක්‍රියාවට නංවන බව එම සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කළේ ය.
මේ අතර මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

