මාරක රිය අනතුරුවලට සම්බන්ධ රියදුරන් පරීක්‍ෂණ සඳහා වෛද්‍ය නිලධාරියකු හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
එම නියාමනය හඳුන්වාදීම සඳහා මූලික සාකච්ඡා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසූ අතර ඇතැම් රියදුරන් මත්පැන් පානය කර පමණක් නොව මත්කුඩු පානය කර රිය ධාවනය කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
එවැනි පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ අවශ්‍ය බව ඔහු පැවසුවේය.
එමෙන්ම මාරක රිය අනතුරුවලට සම්බන්ධ රියදුරන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සොයා බැලීමට වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් කළ හැකි රෙගුලාසි හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කලේය.
පසුගිය ජූලි මස 15 වැනිදා වන විට බස් රථ අනතුරු 137ක්ද මේ වසරේ මාරක රිය අනතුරු 1,135ක්ද වාර්තා වී ඇති අතර එහිදී පුද්ගලයින් 1,202 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද රිය අනතුරුවලින් පුද්ගලයින් 2,088 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා තහවුරු කළේය.


