2022 සහ 2023 වර්ෂවල ඖෂධ මිලදී ගැනීම් සහ බෙදාහැරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු සියලු ආයතන ආවරණය වන පරිදි එම විමර්ශනය සිදුකරන බවද ලබන සතිය තුළ දී එම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් මෑත කාලය තුළ දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වූ බැවින් ඖෂධ මිලදී ගැනීම් සහ ඒවා බෙදාහැරීම් පිළිබඳ පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් මේ වන විටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහි විමර්ශන කටයුතු මේ වන විට අවසන් අදියර පැමිණ ඇති බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පැවසූ අතර කඩිනමින් එම වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය අවලංගු කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන අතර මේ හේතුවෙන් අද දිනය තුළ සියලු වෘත්තීය සමිති නායකයින් කොළඹට කැඳවීමට කටයුතු කළ බව එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේය.


