බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍රදේශයේ ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ පළමු අර්තාපල් තීරු (French Fries) සැකසුම් කර්මාන්ත ශාලාව සිකුරාදා (11) විවෘත කිරීමට නියමිතයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකත්ව වැඩසටහනේ (SAPP) මූල්‍ය ආධාර යටතේ මෙය ඉදි කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 100ක් වැය කර ඇති බව සඳහන් වෙයි.
මේ වන විට ශ්‍රී ලංකාවට අර්තාපල් තීරු ආනයනය කෙරෙන අතර, ඒ සඳහා වාර්ෂිකව මිලියන 3,500ක් පමණ වැය වන බව වාර්තා වෙයි.
French Fries සඳහා මෙරට ඉහළ ඉල්ලුමක් පවතින බැවින් දේශීයව වගා කරන අර්තාපල් යොදා ගනිමින් අල තීරු සකස් කිරීම සිදු කෙරෙනවා.
ගොවීන් 250 දෙනෙකුගෙන් අර්තාපල් මිලදී ගන්නා අතර, අර්තාපල් තීරු දෛනික නිෂ්පාදනය දළ වශයෙන් කිලෝග්‍රෑම් 1,000ක් බවද සඳහන් වේ.