පාස්කු ප්‍රහාරය, බලය අහිමි වී ගිය රාජපක්ෂවරු යළි බලයට ගෙන ඒම සදහා දියත් කළ කුමන්ත්‍රණයක් බවට ඉගි දෙමින්, චැනල් 4 නාලිකාව පසුගිය දා වාර්තාමය චිත්‍රපටයක් විකාශය කළ අතර, එම චිත්‍රපටයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ලකර තිබුණු වූ අනෙක් ප්‍රධාන චෝදනාව වූවේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයටද ඔහු සම්බන්ධ බවයි.
ප්‍රධාන වශයෙන්ම, චැනල් 4 නාලිකාව එල්ල කර තිබෙන පාස්කු ප්‍රහාරයට අදාල චෝදනාව එක හෙලා ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ තිබෙන අතර, එම මාධ්‍ය නිවේදනයේ දී ඔහුට එරෙහිව, ලසන්ත ඝාතනය සම්බන්ධයෙන්, චැනල් 4 ඉදිරිපත් කර තිබෙන චෝදනාවට පිළිතුරු ලබා දීමට හිටපු ජනාධිපතිවරයාට මග හැරී ඇති බවක් පෙනේ.
ඒ ඇතැම්විට එම චෝදනාව පිළිතුරුදීමටවත් නොවටිනා තරමේ මුසාවක් යැයි හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන නිසාද විය හැකි ය.
