සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය(SVAT) 2025 අප්‍රේල් 01 වන දින සිට ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙසේ අනුමත කර ඇත්තේ අදාළ විධිවිධාන ක්‍රියාත්මක වන දිනය 2025.04.01 ලෙස සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවයි.
කෙසේවෙතත් අපනයන කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය බලපාන පරිදි සරල කළ අගය එකතුකළ බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමට මෑතකදී ගත් තීරණය නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටිනවා.
2023 වසරේ මේ දක්වා කාලය තුල, සමස්ත අපනයන 10% කට වඩා වැඩි අගයකින් මෙන්ම ඇඟලුම් අපනයන 19% ක සැලකිය යුතු අගයකින් පහල ගොස් ඇති මෙන්ම, අපනයන සදහා වන ඉල්ලුම තව දුරටත් ඉතා අඩුමට්ටමක පවතී යැයි අපේක්ෂා කරන තීරණාත්මක අවධියක රජය විසින්මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.
