දුම්රිය සේවකයෙකු ජිවිතක්ෂයට !

83

රත්මලාන දුම්රිය නිවාස සංකීර්ණයේ පාලු නිවසක දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම පහර දීමෙන් මිය ගොස් ඇත්තේ, 41 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු දුම්රිය තාක්ෂණ ශිල්පී කේ.ඉන්දික හේමන්ත නමැති පුද්ගලයෙකු බවයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

අනියම් සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා අනියම් සබඳතා පැවැත්වූ කාන්තාව සමඟ ඊයේ (11) සවස අදාළ පාළු නිවස තුළට ගොස් තිබුණා.

එය දැනගත් එම කාන්තාවගේ සැමියා සහ ඇයගේ පියා නිවසේ දොර කඩා ඒ තුළට ඇතුළු වී ඇති බව සඳහන්.

අනතුරුව එහි රැඳි සිටි පුද්ගලයාගේ පපුවට තියුණු ආයුධයකින් අවස්ථා කිහිපයක දී පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාලකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගොස් තිබෙනවා.

පිහි ඇණුම සිදු කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ලබන හෙට (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here