2023 අගෝස්තු 26 වන දින සිදු වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කැඳවා ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම ආරක්ෂක බිඳවැටීම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමේ කාර්යය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායමට (SLCERT) පවරා ඇති බවයි.
‘gov.lk’ වසම යටතේ ඇති විද්‍යුත් තැපැල් පද්ධති ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාරයෙන් සැලකිය යුතු දත්ත අලාභයක් සිදු වූ අතර විවිධ රාජ්‍ය කාර්යාල තුළ සන්නිවේදන බාධා ඇති වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මෙම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සති දෙකක දැඩි කාල රාමුවක් තුළ සම්පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
