ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනයවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය දැනුවත් කළ බවයි.
සියලුම ඉන්ධන හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

