‘නිපා’ වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් ප්‍රතිදේහ මාත්‍රා

114

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරයන ‘නිපා’ වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මොනොක්ලෝනල් ප්‍රතිදේහ මාත්‍රා (Monoclonal antibodies) ගෙන්වීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

මෙම ඖෂධ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන බවයි ඉන්දියාව පැවසුවේ.

ඉන්දියාව තවත් මාත්‍රා 20ක් ළඟදීම අපේක්ෂා කරන බව ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ (ICMR) ප්‍රධානී වෛද්‍ය රජිව් බාල් මහතා පවසනවා.

වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර කොසිකෝඩ් දිස්ත්‍රික්කයේ පස් දෙනෙකුට ද මෙය ආසාදනය වී ඇති බව සඳහන්.

‘නිපා’ වෛරසය පැතිරීම 2018 වසරේ සිට කේරළ ප්‍රාන්තයේ වරින් වර සිදුවන අතර මෙවර වෛරසය ව්‍යාප්ත වන්නේ සිව්වන වරට බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here