වංචා කළ ඉන්ධන පිරවුම්හල යළි පවරාගනී

19

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදුවූ බවට තහවුරුවීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඛනිජ තෙල් සංස්ථාව වෙත අද යළි පවරාගෙන තිබේ.

එහි පෙට්‍රල් ඉන්ධන පොම්පයට නීතිවිරෝධී ආකාරයෙන් (motherboard) මව් පුවරුවක් සවිකර තිබෙන බවට මූලිකව අනාවරණය වී ඇති අතර එය ඛනිජ තෙල් සංස්ථාවෙන් සොරාගෙන ආ එකක් බව තහවුරු වී තිබේ.

මූලික විමර්ශනවල දී අනාවරණය වූ කරුණු අනුව මේ වනවිට එම මව් පුවරුව සවිකළ බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදුලි කාර්මිකයෙකුගේ වැඩ තහනම් කර ඇති බවද උසස් නිලධාරියකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here