ගාසා තීරයේ අනාගත පාලකයා

45

ගාසා තීරය ළමා සුසානයක් බවට පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.

ඊශ්‍රායල – හමාස් යුද ගැටුමට මාසයක් ගතවෙද්දී ඉන් මියගිය පලස්තීන වැසියන් ගණන දසදහස ඉක්මවා තිබේ.

හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඒ අතරින් 4,104 දෙනෙකුම දරුවන් ය.

මෙම තත්ත්වය ගැන අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පෙන්වා දෙන්නේ,

“ගාසා තීරය දරුවන්ගේ සුසානයක් බවට පත්වෙලා. ගෙවුණු 30 වසර තුළ ලොව කිසිම යුද්ධයකදී සිදුවූවාට වඩා මාධ්‍යවේදීන් ඝාතනය වෙලා. අපගේ සහන සේවකයින් මියගිහින් තියෙනවා. ඉතිහාසයේ කිසිදාක සිදුනොවූ තරම්. කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ. හමාස් සංවිධානය සිවිල් වැසියන් භාවිත කරන්නේ මිනිස් පළිහක් විදිහට.”

මේ අතර තමන් කිසිසේත් සටන් විරාමයකට එකඟ නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු යළි අවධාරණය කර ඇත්තේ ලෝකයේම ඉල්ලීම් නොතකමිනි.

ඔහුගෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට ඊශ්‍රායල අගමැතිවරයා පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

මාධ්‍යවේදියා – “අවසානයේදී ගාසා පාලනය කරන්නේ කවුද?”

ඊශ්‍රායල අගමැති – “දින නියමයක් නොමැතිව එහි ආරක්ෂක කටයුතු අප යටතේ සිදුවනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here