2022 ජූලි 07 වැනිදා අධිකරණ නියෝගයක් නොතකා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූ බවට 12 දෙනකුට එරෙහි නඩුවක් කැඳවූ අවස්ථාවේදී අධිකරණයට නොපැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වහාම අත්අඩංගුවට අරන් කොටුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැඩි ලෙස අසනීපව ප්‍රතිකාර අර ගන්නා බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බැවින් එම වරෙන්තුව ඇයට නිකුත් කර තිබිණි.
කෙසේ වෙතත් අද දින ඇයගේ සේවාදායකයාගේ නීතිඥවරයා විසින් මෝසමක් මගින් සඳහන් කර ඇය තවදුරටත් අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ගන්නා බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ සඳහන් කරමින් ඇයට එරෙහිව කැඳවා ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කර ඇති බව සඳහන් වේ.