ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන අද දින මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවට නව අනාවරණයක් සිදු කිරීමට තමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි ICC යට තවත් ලිපි 3ක් 2023 නොවැම්බර් 6, 7 හා 9 යවා ඇති බවත් මේ ලිපි පරිශීලනය කරන විට ලංකාවට ක්‍රිකට් තහනමක් වු ආකාරය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නොවැම්බර් 6 ලිපියෙන් අන්තර් වාර කමිටුව විවේචනයට ලක් කර දේශපාලන ඇගිලි ගැසිමි සිදුවන බව පවසා ඇති බවත් ඇමතිවරයාට බලපෑම් කරන ලෙසත් ඉල්ලා තිබේ.
එසේම ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බවත් එය ICC ව්‍යවස්ථාව පටහැනි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන ආදායමෙන් සියයට 20ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉල්ලා සිටින බවත් එහි සදහන් බව විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම ලිපිවල අන්තර්ගත තොරතුරු සාවද්‍ය බවත් මෙහිදිි කිිසිම දේශපාලන ඇගිලි ගැසිමක් නොවු බවත් මෙය ගජමිතුරු ක්‍රීඩාවක් නොවන බවත් මෙය ලක්ෂ 220ම ක්‍රීඩා අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.